ඔයාගෙ කොන්ඩෙ හැමදාම ලස්සනට තියාගන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර ටිකක්
3,451 Views
අපි හැමෝම අපේ කොණ්ඩෙට ගොඩක් ආදරෙයි.මොකද අපේ තියෙන ලස්සන තවත් වැඩි කරන්න කොණ්ඩෙට පුළුවන්.ඒ නිසා කොන්ඩේ ආරක්ෂා කරගන්න ඕනේ.ඉතින් මං අද කියලා දෙන්න හදන්නේ කොණ්ඩෙට දාන්න පුළුවන් hair mask කිහිපයක් ගැන.කරලම බලන්නකෝ
Avocado and Olive Oil Mask
අවශ්‍ය ද්‍රව්‍ය
• අලිගැට පේර ගෙඩි භාගයක්
• බිත්තරයක්
• Olive Oil මේස හැන්දක්
• මී පැණි මේස හැන්දක්
සාදාගන්න ආකාරය
• මේ සියල්ල එකට මිශ්‍ර කරලා තලපයක් ආකාරයට සකස් කරගන්න
• පසුව හොඳින් තෙමාගෙන මිරිකාගත් හිසකෙස් වල අගිස්සෙ ඉඳන් උඩට හෙමින් හෙමින් ආලේප කරන්න.
• හිස් කබලේ තවරා ඇඟිලි තුඩු වලින් හොඳින් මසාජ් කරන්න
• පසුව හිසකෙස් උඩට කරල බැඳගෙන shower cap එකකින් වහලා විනාඩි 30ක් ඉන්න.
• ඉන්පසුව සෝදා, සාමාන්‍ය විදියට shampoo කරලා conditioner කර සෝදා හරින්න.
Egg whites and lemon mask
අවශ්‍ය ද්‍රව්‍ය
• බිත්තර සුදු මදය
• ලෙමන් ගෙඩි භාගයක යුෂ
සාදාගන්න ආකාරය
• මුලින්ම බිත්තර සුදු මදයට දෙහි යුෂ මිශ්‍ර කරන්න
• පසුව හිසකෙස් අගිස්සේ ඉඳන් හිස්කබලේ ආලේප කරන්න
• shower cap එකකින් වහලා විනාඩි 30ක් හෝ 45ක් තියෙන්නට හරින්න.
• ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා හැර සාමාන්‍ය විදියට shampoo කරලා conditioner කර සෝදන්න.
(behappy වෙබ් අඩවිය)
