රසම රස චොක්ලට් මග් කේක් හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න
615 Views
චොක්ලට් මග් කේක් කිවුවම කන්න අකමැති කවුද? මේ කියන්න යන්නේ කටට රසට චොක්ලට් මග් කේක් එකක් ගෙදරදීම හදාගන්න හැටි. මයික්‍රෝවේව් එකේ හදන මේ මග් කේක් එක හදන්න යන්නේ විනාඩි 15යි. ලේසි රසවත් බිත්තර රහිත මේ චොක්ලට් කේක් එක හදලා රස බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පිටි කෝප්ප 1/4, සීනි කෝප්ප 1/4, කොකෝවා පවුඩර් මේස හැඳි 3, ලුණු තේ හැඳි 1/4, කිරි කෝප්ප 1/4, ලුණු රහිත දිය කර ගත් බටර් කෝප්ප 1/4, වැනිලා තේ හැඳි 1/2, කුඩාවට කපා ගත් සෙමි ස්වීට් චොක්ලට් කෝප්ප 1/4.
සාදන ක්‍රමය : බෝල් එකක පිටි, සීනි, කොකෝවා පවුඩර් සහ ලුණු මිශ්‍ර කරන්න. එයට කිරි, බටර් සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. චොක්ලට් කැබලි ටික එකතු කර කලවම් කරන්න. දැන් මිශ්‍රනය මයික්‍රෝවේව් එකට ඔරොත්තු දෙන කෝප්ප 2කට සමානව දමන්න. එය මතට කුඩා කොටුවට කපාගත් චොක්ලට් කැබලි ටිකක් ඉස ගන්න. කෝප්ප දෙක මයික්‍රෝවේ එකේ ඉහල උෂ්ණත්වයේ විනාඩි 2ක් පිස ගන්න. කෝප්ප දෙක එළියට ගෙන විනාඩි 10ක් නිවෙන්නට හැර රසවිඳින්න.
(උපුටාගැනීම hadakari.com වෙබ් අඩවියෙනි)