ඇඹරැල්ලා වෑංජනයක් බත් එක්ක තිබ්බොත් කොහොමද? ගොඩක් අය කැමති වෑංජනයක් කිවුවොත් හරි නේද? හැමදාම ඇඹරැල්ලා උයලා නේ කන්නේ වෑංජනයක් වගේ හදලා නේ. ඉතිං ඔන්න අපි අද කියන්න යන්නේ ඇඹරැල්ලා තෙම්පරාදුවක් රසට හදන හැටි ගැන. ගෘහණියන්ට නම් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි. ඇඹරැල්ලා උයන්න දැනගෙන හිටියට මෙහෙම උයලා කාලා බලන්න. කොහොමද රස කියලා. දැන් අපි බලමු කොහොමද මේ ඇඹරැල්ලා තෙම්පරාදුව හදාගන්නේ කියලා..
මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය..
පෙති ලෙස කපා ගත් යන්තමින් ඉදුණු ඇඹරැල්ලා ගෙඩි 6 ක්, කපා ගත් රතු ළූණු ගෙඩි 10 ක්, සිනි තේ හැඳි 1 ක්, කපා ගත් කජු මද 25g ක්, (අවශ්‍ය නම්), කැලි මිරිස් තේ හැඳි 1 ක්, කපා ගත් අමු මිරිස් කරල් 2 ක්, කහ කුඩු තේ හැඳි 1/2 ක්, පොල් තෙල් මේස හැඳි 2 ක්, ලුණු (අවශ්‍ය පදමට), රම්පේ, කරපිංචා, කරඳමුංගු කරල් 1 ක් (අවශ්‍ය නම්), වතුර කෝප්ප 1 /4
මේ තියෙන්නේ හදන හැටි..
පෙති ලෙස කපා ගත් ඇඹරැල්ලා භාජනයකට දමා රතු ළූණු, අමු මිරිස්, කැලි මිරිස්, ලුණු සහ කහ එකතු කර හොදින් සීසන් කරගන්න. ඉන්පසුව භාජනයක් ගෙන ලිපේ තබා තෙල් දමා රත් වන විට කරඳමුංගු, රම්පේ, කරපිංචා දමා රත් වන විට සීසන් කර ගත් ඇඹරැල්ලා එකතු කර හොඳින් කවලම් කරගන්න. ඉන් පසු වතුර ටික ටික එයට එකතු කර මද ගින්නේ පිස ගන්න. ඇඹරැල්ලා තැම්බී ඇත්දැයි බලා ඉන්පසු සීනි එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් බා ගන්න. දැන් බලන්නකෝ කොහොමද රස කියලා..