අඹ කියන්නේ අපි ගොඩක් කන්න ආසම පළතුරක් කිව්වොත් නිවැරදියි. ඒත් මේ ප්‍රණීත පළතුරෙන් මෝජු හදන්න පුළුවන් කියලා ඔබ දන්නවද? එහෙනම් මෙන්න හදලම බලන්න..
අවශ්‍ය ද්‍රව්‍ය :
කුඩාවට කපාගත් මදක් ඉදුණු අඹ කිලෝ ග්‍රෑම් 1, සීනි කිලෝ ග්‍රෑම් 1, අඹරාගත් ඉඟුරු, සුදු ළූණු ග්‍රෑම් 2, මිරිස් කුඩු, තේ හැඳි 1 1/2, විනාකිරි අඬු කෝප්ප 1, එනසාල් 5, කරාබු නැටි 6, කුරුඳු පොතු කැබැල්ලක් (අඟල් 2)
සාදන ක්‍රමය :
අඹ කෑලිවල සීනි ග්‍රෑම් 200ක් දවටා දවසක් පමණ මඳ පවනේ වේළාගන්න. ඊළඟට ඉතිරි සියලු ද්‍රව්‍ය එකට දමා රත්කර වියළාගත් අඹ එක්කර මඳ ගින්නේ උකුවන තෙක් පිස ගන්න.