චිකන් කරියක් එක්ක කන්න, ගෙදරදීම රසට අල පරාටා හදන හැටි
1,238 Views
පරාටා කියන්නේ ගොඩක් අය කැමති කෑමක්. අල පරාටා උදේට වගේම රාත්‍රී ආහාරයක් විදිහටත් කන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට අල පරාටා ලේසියෙන්ම හද ගන්න හැටි කියලා දෙනවා. චිකන් කරියක් එක්ක මේ අල පරාට හරිම රසයි.
මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය – තම්බා පොඩි කරගත් අල 500g ක්, පාන් පිටි 250g ක්, ලුණු ස්වල්පයක් ක්, මාගරින් මේස හැඳි 2ක්, පොල් තෙල්
මෙන්න හදන හැටි – මුලින්ම පිටි ටික හලා ගෙන එයට මාගරින් සහ ලුණු දමා හොඳින් කලවම් කර ගන්න. පිටි මිශ්‍රනයටම පොඩි කර ගත් අල එතකු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න. අතේ නොඇලෙන සේ වන තෙක් තෙල් එකතු කරමින් පිටි ටික අනා ගන්න. හදා ගත්ත මිශ්‍රණයෙන් චූටි චූටි බෝල හදා ගෙන බෝල ටික විනාඩි 15ක් විතර පැත්තකින් තියල තියන්න. පසුව බෝල ටික හොඳට තුනී කරන්න. අවසානයට තෙල් තවරපු තැටියක දෙපැත්ත දාලා පුච්ච ගන්න.