පළතුරු මිශ්‍ර ස්වභාවික තැඹිලි පුඩිමක් හදමු
1,759 Views
හැමදාමත් තැඹිලි බොන එකේ තැඹිලි වතුර කන්න පුළුවන් කියලා හිතුණේ මට විතරද? තැඹිලි විතරක් නෙවේ, කුරුම්බා, පොල් වතුර වලිනුත් හදා ගන්න පුළුවනි. ඔයිපාර පොල් වතුර වීසි කරන්නෙ හෙම නෑ ඕං..
මේ තියෙන්නේ අවශ්‍ය දේවල්..
*තැඹිලි/ කුරුම්බා/ පොල් වතුර (මං තැඹිලිගෙඩි දෙකක වතුර ගත්තා)
*අගර් අගර් 10 g (මොනවද මේ අගර්? පහල තියෙනවා විස්තරේ)
*කැමති පරිදි කපාගත් කැමතිම පළතුරු
*සීනි මේස හැදි දෙකක් (අවශ්‍ය නම් පමණක්)
*ලුණු ඇඹින්දක්
*දෙහි ඉස්ම බින්දු කීපයක්
මෙන්න හදන හැටි:
අගර් කැබලි වලට කපා, පෙගෙන තරමට වතුර දමා විනාඩි 15 ක් පමණ තබන්න. ඒ අතරේ පළතුරු ටික කැමති පරිදි කපා වෙනම තබන්න. අගර් ලිප තබා දිය වන තුරු හැදි ගාන්න. ලිප නිවන්න. එයට තැඹිලි වතුර, සීනි,ලුණු,දෙහි ඉස්ම එක් කර හැදි ගාන්න. බදුනකට පළතුරු කැබලි කැමති පරිදි අසුරන්න. ඒ මත තැඹිලි මිශ්‍රණය හෙමිහිට වත් කරන්න (අවශ්‍ය නම් මින් ටිකක් ඉතිරි කර ගෙන කැමති වර්ණකයක් එක්කර ගන්න) මේ පළතුරු මිශ්‍රණය මිදුණු පසු වර්ණගැන්වූ මිශ්‍රණය ඒ මත වත්කර නිවෙන්නට තබන්න. ශීතකරණයේ තැබීම අත්‍යවශ්‍ය නොවේ.
*අගර් අගාර් යනු ස්වාභාවික මුහුදු ඇල්ගී වෙසෙසකි. සත්ව ඇටකටු හා කුර අඩංගු ජෙලටීන්වලට වඩා අගර් ශරීර සෞඛ්‍යයට හිතකරය. මේවා කැබලි වශයෙන් මෙන්ම කුඩු වශයෙන්ද වෙළද පොළේ ඇත. කුඩු භාවිතය පහසුය. වර්ණක යෙදූ මෙන්ම නොයෙදූ අගර් කුඩු පැකට් ඇත. කෙසේ වුවද කුඩු වලට වඩා මේ කැබලි විශ්වාසයනීය බව මගේ අදහසයි. සුපිරි වෙළදසැල්වලින් මිලදී ගත හැක. මා මිලදී ගන්නේ කාගීල්ස් ෆුඩ් සිටියෙනි. මම මේවා කතුරකින් කුඩාවට කපා, හොදින් සෝදා විනාඩි 15 ක් පමණ පිරිසිදු ජලයේ පොගවා තබා මද ගින්දරේ උණු කර භාවිතයට ගනිමි. එක් පුඩිමකට 10g ක් පමණ ප්‍රමාණවත් වේ. චයින මොස්, චයිනා ග්‍රාස් ලෙසද හැදින්වේ.
[ලිපියේ අයිතිය සහ ඡායාරූප Thilini Thiranagamage සතුවන අතර උපුටාගැනීම - ගෙවතු වගාවයි ඔබයි සමූහයෙනි]


