රසම රස කැරමල් කේක් පුඩින් එකක් හදමුද?
1,825 Views
කැරමල් කේක් පුඩින් කියන්නේ නත්තල් අතුරුපසක්. මේ පුඩින් එක වෙනස්කම් කරලා එක එක විදියට හදන්න පුළුවන්. දානයකට , birthday party එහෙකට ගොඩාක් ගැලපෙන්නවා.ඉක්මන්ට අඩු වියදමකින් හදා ගන්න පුළුවන් මේ පුඩින් එකක්. මේ ප්‍රමාණයෙන් හැදුවොත් 6 දෙනෙකුට ප්‍රමාණවත්.
මුලින්ම කැරමල් එක හදා ගන්න. ඒකට සීනි කප් 1/3ක් වගේ ඇති. මුලින්ම සීනි කැරමල් කර ගන්න. ඊලගට සීනිවල පාට වෙනස් වෙනකොට ඒකට උණු වතුර හැදි 4ක් විතර එකතු කරන්න. එතකොට සීනි කර වෙන්නේ නැතිව හදා ගන්න පුළුවන්. ඊලගට පුඩින් හදන භාජනයට කැරමල් එක දාලා නිවෙන්න තියන්න.
පුඩින් එක හදන්න කිරි කප් 2kගන්න.පීරිසි කප් වලින් මනින්න.ඒකට මන් ගත්තේ fresh Milk. පිටි කිරි උනත් ගන්න පුළුවන්.ටිකක් උකුවට අරගන්න. ඒකට සීනි කප් 3/4ක් එකතු කරන්න. එකටම බිත්තර 3ක් එකතු කරලා හොඳින් කලවම් කර ගන්න.මන් එකට එනසාල් කුඩු ටිකක් එකතු කරා.එතකොට බිත්තරවල smell eka නැති වෙනවා. ඒකට වැනිලා හැදි 1/2ක් එකතු කරන්න.මිශ්‍රනය භාජනයට පෙරා ගන්න.
පුඩින් මිශ්‍රණය පැත්තකින් තියලා කේක් එක හදා ගන්න ඕනා.ඒකට උනු වතුර එකක් ලිපේ තියන්න පුඩින් එක හදන්න කලින්. ඒ උනු වතුර එක double boil කරන්න පුළුවන් භාජනයකට දාලා ඒ භාජනයට බිත්තර 2k එකතු කරන්න. ඒක වේගය වැඩි කරමින් විනාඩි 5ක් විතර බීටර් කරන්න. ඊලගට සීනි කප් 3/4K සැරින් සැරේ එකතු කරමින් තවත් විනාඩි 5ක් බීටර් කරන්න. ඒකට vegetables oil/ sunflowers oil /olive oil වර්ගයකින් හැදි 3k එකතු කරලා ආයෙත් බීටර් කරන්න. පොල් තෙල් නම් ගැලපෙන්නේ නෑ.මන් ගත්තේ olive oil.ඒ මිශ්‍රණය ක්‍රීම් එකක් වගේ වෙනවා. ඒකට අවශ්‍ය food coloring වර්ගයක් එකතු කරන්න.එතකොට පුඩින් එකේ පාට වෙන් වෙලා පේනවා.මේ මිශ්‍රණය ටිකක් ගනකමින් අඩුවට හදන්නේ. පාන් පිටි එකතු කරහම ගනකම වැඩි නම් කිරි හැදි කිහිපයක් එකතු කර ගන්න.ඒ පදමට ආවම පාන් පිටි කප් 3/4කට බේකින් පව්ඩර් හැදි 1/2ක් එකතු කරලා එකතු කර ගන්න. අවශ්‍ය නම් වැනිලා හැදි 1/2ක් එකතු කර ගන්න. පාන්පිටි එකතු කරහම මිශ්‍රණය බීට් කරන්නේ නෑ. හැන්දකින් මිශ්‍ර කරන්න.
මන් කේක් එක ස්ටීම් කරලා හැදුවේ. ඊට පස්සෙ පුඩින් මිශ්‍රණය උඩින් කේක් එක දාගන්න. ඊලගට මේ පුඩින් එක විනාඩි 30kවිතර ස්ටීම් කර ගන්න. Oven එහෙක බේක් කර ගන්නත් පුළුවන්. එහෙම කරනවා නම් පැතලි භාජනයකට වතුර ටිකක් දාලා ඒක උඩින් පුඩින් මිශ්‍රණය තියලා බේක් කරන්න.
මේ පුඩින් එක හදන්න පුළුවන් වෙනස් ක්‍රම
* කේක් මිශ්‍රණයට chocolate power එකතු කරලා චොක්ලට් රසයක් ගන්නත් පුළුවන්.
* කේක් මිශ්‍රණය හදලා ඒක භාජන 2kata වෙන් කරලා food coloring වර්ග 2k හෝ කිහිපයක් එකතු කරලා රිබන් කේක් එකක් විදියට හදන්නත් පුළුවන්.
* orange juice වගේ පලතුරු යුශ එකතු කරලා වෙනස් රසකින් හදන්නත් පුළුවන්.

(උපුටාගැනීම Bhashi’s Kitchen Page)
