හැමදාම ලස්සනට ඉන්න මුහුණේ රැළි අඩු කරගන්න විශ්මිත ක්‍රමයක් මෙන්න
5,872 Views
අපි හැමෝම කැමති මුහුණ ලස්සනට තියාගන්න. ඒත් කල්යත්ම මුහුණේ ඇතිවන රැලි ඔබේ මුහුණට අවලස්සනක් එක්කරනවා.
මේ කියන්න යන්නේ මුහුනේ රැලි නැති කරගන්න ස්වභාවික ආලේපයක් ගෙසරදීම සාදාගන්නා හැටි..
අවශ්‍ය ද්‍රව්‍ය
බේකින් සෝඩා මේස හැදි 3
මී පැණි තේ හැදි 1
විටමින් E කරල් 3-4
එළකිරි මේස හැදි 3-4
කුරුඳු කුඩු මේස හැදි 1/4
මේ ඔක්කොම හොදට කලවම් කරලා ඇඟිලි තුඩු වලින් මුහුණේ රවුම් ආකරයට ආලේප කරන්න. ඉන්පසු විනාඩි 10ක් වේලෙන්න තියලා සෝදලා ඉවත් කරන්න.
මෙහි අඩංගු සෝඩියම් බයිකාබනේට් සියුම් ලෙස මැරුණු සම ඉවත් කරනවා. මී පැණි සමේ තෙතමනය රැක දෙනවා, විටමින් E කරල් වල ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා, කුරුඳු කුඩු මඟින් සමට ඔක්සිජන් ලබා දෙනවා.