රාත්‍රී නින්දට පෙර කොකෝවා පානය කරන්න - අමතක නොවන වෙනසක් අත්විඳින්න
2,447 Views
රාත්‍රී නින්දට යන බොහෝ දෙනෙකුට නොයෙක් ප්‍රශ්න ඇතිවෙනව. ඒ නිසාම නින්දට යාමට පෙර නොයෙක් පුරුදු වලට ඇබ්බැහි වුණ අති මහත් පිරිසක් ලෝකය පුරාම සිටිනව. මේ පිරිස් අතුරින් වැඩි දෙනෙක් රාත්‍රියට පානය කරන්නෙ මත්පැන්. තේ, කෝපි වගේ පානයන්ටත් ඇබ්බැහි වුණ පිරිස් සිටිනව. මේ සියල්ල අතරෙ තමයි කොකෝවා පානයේ මහිම කරලියට එන්නෙ.
රුධිර වහනය වැඩි වීම හේතුවෙන් ඇතිවන චිත්ත වික්ෂිප්තභාවය වළකන්න නින්දට පෙර ගන්න්ා කොකෝවා (චොකොලට්) පානයට හැකියාවක් තියෙනව. ඒ වගේම වයසට යාමේදී ඇතිවන අමතකවීමේ ස්වභාවය මග හැරීමටද මේ කොකෝවා පානය හේතුවන බවයි පර්යේෂකයින් පවසන්නේ.
ඒ වගේම වයස්ගත උදවියගේ මොළයේ කෘත්‍යයන් සඳහා මේ පානයෙන් උත්තේජනයක් ලැබෙනා බවත් පර්යේෂකයින් පවසනවා.
මේ පර්යේෂණය පවත්වා ඇත්තේ කොලාම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේශකයින් පිරිසක්.