Azadirachta Indica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කොහොඹ රුව වඩන තවත් ගුණාත්මක ශාකයක්. කොහොඹ ගැන අපි හැමෝම දන්නවනේ. කොහොඹ ඇට, මුල්, මල්, පොතු, කොල මේ සියල්ලම විශාල වටිනාකමක් තියෙන බෙහෙත් වර්ග. තිත්ත රසයෙන් යුතු, ඇග සිසිල් කරන, ලේ පිරිසිදු කරන, හොදම විශබීජ නාශකයක්. ඉතින් අපි බලමුකො කොහොමද කියලා කොහොඹවලින් ලස්සන වෙන්නෙ.
කොහොඹ ෆේස්පැක් සඳහා අවශ්‍ය දේවල් – කොහොඹ කොල මිටක්, අමු කහ කැබැල්ලක්
කොහොඹ කොල සහ අමුකහ යන දෙකම පිරිසිදු ගලක හොදට අඹර ගන්න. මේ පැක් එක විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ තියලා මූණට ඇප්ලයි කරන්න. මොකද්ද අඹරපු ගමන් කොහොඹ කොල ගෑවොත් ඇස් දැවිල්ල එන නිසා. විනාඩි 20ක් තියලා සීතල වතුරෙන් සෝදලා ඉවත් කරන්න. ලප කැලැල් මැකිලා, කුරුලෑ ආසාදන දුරු වෙලා ලස්සන පැහැපත් මූනක් ඔයාට ලබාගන්න පුළුවන් මේ පැක් එක දැම්මොත්. හැබැයි බ්ලීචින් ක්‍රීම් වර්ග පාවිච්චි කරන කෙනෙක් මේක පාවිච්චි කලොත් කුරුලෑ එන්න පුළුවන්. මොකද බ්ලීචින් විස ඉවත් වෙන නිසාවෙන්.
කොහොඹ මසාජ් සඳහා අවශ්‍ය දේවල් – කොහොඹ කොල මිටක්, අමුකහ කෑල්ලක්
පැක් එකටම වගේ මේ ටික අඹරලා පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පොට්ටනි හදාගන්න පුංචිවට, දැන් මේ පොට්ටනි අරන් ඔයාට පුළුවන් මූණ මසාජ් කරන්න. හොඳ රිසාල්ට් තියෙනවා.කරලා බලන්න.
කොහොඹ සබන් සඳහා අවශ්‍ය දේවල් – ඔන්න එහෙනම් සබන් කෑල්ලකුත් හදමු ආයෙ, අවශ්‍ය දේවල් – කොහොඹ කොල මිටක්, කස්තුරි කහ, ඔලිව් ඔයිල් මේස හැන්දක්, බේබි සබන් කැටයක්, ග්ලිසරීන් ටිකක්
මුලින්ම කොහොඹ කොල හොදට අඹරලා පේස්ට් එක හදාගන්න. දැන් සබන් ග්‍රේට් කරලා අරන් ඩබල් බොයිල් කරන්න. මේ මිශ්‍රණයට කොහොඹ කොල පේස්ට් එක, කස්තුරි කහ, ග්ලිසරීන්, ඔලිව් ඔයිල් එකතු කරලා පැය භාගයක් ඩබල් බොයිල් කරන්න. දැන් මේ මිශ්‍රණය පෙට්‍රෝලියම් ජෙල් යෙදූ භාජනේකට දාලා සෙට් වෙන්න තියෙන්න. ඔයාට පුළුවන් මේ සබන් එක පාවිච්චි කරන්න. කුරුලෑ ලප දුරු වෙලා සම පැහැපත් කරගන්න පුළුවන්.
කොහොඹ කොල හා අමුකහ අඹරලා හිසේ ගෑමෙන් හිස්සොරි අඩු කරගන්න පුළුවන්. කොහොඹ කොල තම්බා නෑමෙන් ශරීර විඩාව දුරු වෙනවා. ආසාදන ඇති විට කොහොඹ කොල තම්බා ඇග සේදීම සුදුසුයි. කොහොඹ දෙහි සමග අඹරා ගෑමෙන් මුහුණෙ තෙල් ගතිය අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් කරලා බලන්න..