ඔබේ ඉදිමුණු පාද වලින් පෙන්වන නිධංගත සැඟවුණු රෝග රැසක් මෙන්න
21,167 Views

ඉදිමුණු පාද වල සහ වළලුකර නිසා ගොඩක් අය පීඩා විඳිනවා. girlsලා, ගර්භණී මවුවරුන්, දිගු වෙලාවක් සිටගෙන සිටින අය, විශේෂයෙන්ම අපහසු පාවහන් පලදින්න girlsලට මේ අසහනකාරී තත්වයට මුහුණ දෙනවා. හැබැයි ඔබ දන්නවද? පාද වල සහ වළලුකර වල ඉදිමුම බරපතල රෝගාබාධයක ලක්ෂණ වුණත් පෙන්නුම් කරන්න පුළුවන් බව.
නහර අවහිර වීම
ඔයාගේ රුධිර සංසරණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාකාරි නොවන විට නහර තුල තිබෙන කපාට වලින් පහල පාද වලට නිසි පරිදි රුධිර සැපයීමක් සිදු වෙන්නෙ නැහැ. මේ තත්වය දිගින් දිගටම පවතිනවා නම් කපාට වල කාර්යක්ෂමතාවය අඩු වී පාද වලට රුධිරය ගමන් කිරීමේදී ගැටලුකාරී තත්වයන් ඇති වෙනවා.
ඒ වගේම ගැඹුරු ගැටිති වල රුධිරය කැටි ගැසීමක් සිදු වුණාමත් පාද ඉදිමීමට ලක්වෙනවා. මෙම රුධිර කැටිති පාද වල සිට නැවත රුධිරය හෘදයට පැමිණීම අවහිර කරනවා. මේ තත්වය භයානක වෙන්න පුළුවන්. මොකද එම රුධිර කැටිති ශරීරය පුරා ගමන් කරන අවස්ථා තියෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවක හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
හදවතේ ගැටළු
හෘදයාබාධයක්ද නිසාත් ඔබේ පාද ඉදිමෙන්න පුළුවන්. හදවතට නිසි ලෙස රුධිරය පොම්ප කිරීමේ බලයක් නොමැති විට, ඔබේ පාදවලින් ලේ ශරීරයේ ඉහළ කොටස වෙත තල්ලු කිරීමට අසමත් වෙනවා. එමෙන්ම හෘදයේ රුධිර නාල වල කාන්දුව සිදු වුණොත් මෙලෙස පාද සහ වළලුකර ඉදිමෙනවා. එවැනි අවස්ථාවක ඔබට පපුවේ වේදනාව, විඩාව සහ හුස්ම කෙටිවීම වැනි රෝග ලක්ෂණත් ඇති ඇති වෙනවා. ඒ නිසා මේ ගැනත් ඔයා වැඩි අවධානයක් යොමු කරන්න.
වකුගඩු ආබාධ
වකුගඩු වල ප්‍රධාන කාර්ය වෙන්නේ ශරීරයේ අතිරේක තරල ඉවත් කිරීම. හැබැයි වකුගඩු වලට මෙම කාර්ය නිසි පරිදි සිදු කළ නොහැකි වූ විට අතිරේක තරල සහ සෝඩියම් එක තැන පල් වෙනවා. එවැනි අවස්ථාවකදීත් පාද ඉදිමෙනවා. හැබැයි වකුගඩු වල ගමන් පද්ධතියට හානි සිදු කරන මුත්‍රා ආසාදන නිසාත් මෙම තත්වය ඇති වෙන්න පුළුවන්.
අක්මාව ගැටළු
අනෙකුත් කාර්යන් හැරුනු විට අක්මාව Albumin නම් වූ ප්‍රෝටීනයක් නිෂ්පාදනය කරනවා. මෙම ප්‍රෝටීනය රුධිර තරල නොකඩවා පවත්වාගෙන යාමට උදව් කරන අතර ඒවා පටක තුලට කාන්දු වීමක් සිදු වන්නේ නැහැ. හැබැයි අක්මා රෝග වලට මෙම Albumin මට්ටම අඩු කිරීමේ හැකියාව තියෙනවා. මේ නිසා එවැනි අවස්ථාව වලදී පාද සහ වළලුකර ඉදිමීමට ලක් වෙනවා.
වසා පද්ධතියේ ගැටළු
රුධිරවාහිනී, වසාගත නාල, පටක හා අවයව වලට ඔක්සිජන් හා පෝෂණ ද්‍රව්‍ය ලබා දෙනවා. මේ අතර අපද්‍රව්‍ය සහ CO2 ඉවත් කරනු ලබනවා. මෙහිදී වසා පද්ධතිය අවහිර වන විට ඒවායේ ගමන් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙනවා. එවිට Lymphedema නම් තරල වල අසාමාන්‍ය ඝනත්වයක් ඇති වෙනවා. හැබැයි ආසාදන, ශල්‍යකර්ම, කම්පනය, විකිරණය, පිළිකා ප්‍රතිකාර සහ වෙනත් සාධක නිසාත් Lymphedema ඇති වෙන්න පුළුවන්.
ඖෂධ වර්ග විෂ වීම
සමහර වෙලාවට ඔයා ගන්න ඖෂධ වල අතුරු ප්‍රතිපලයක් විදිහටත් පාද සහ වළලුකරේ ඉදිමීම ඇති වෙන්න පුළුවන්. මොකද ඔයා ලබා ගන්න ඖෂධ වල NSAIDs, oral contraceptives, oral steroids අඩංගු විය හැකි අතර එම සංඝටක මේ රෝගී තත්වයට හේතු වෙනවා.
නිතරම ඔයාගේ කකුල් ඉදිමෙනවා නම් බල බලා ඉන්න එපා, හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. මොකද ඔයාටත් නිදන්ගත හෝ සැඟවුණු රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්.