තරුණයන්හට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන ඔබ කිසි දිනෙක නොසිතු මානසික හේතු
1,893 Views
පුරුෂයන්ට බලපාන ලොකුම ගැටලුවක් ලෙස අප්‍රාණිකත්වය සැලකිය හැකියි. මානසික හේතූන් නිසා ලිංගික අප්‍රාණිකත්වය වැඩිපුර ඇතිවන්නේ තරුණයන් හටය. මානසික පීඩාකාරීත්වය, කාන්සාව සහ මානසික අවපීඩනය හෙවත් විශාදය නිසා ඔහුගේ පෞරුෂය පිරිහී යයි. ඒ පිළිබඳව ඔහු ලජ්ජාවටද පත්වේ. වරක් ලිංගිකව එක්වීමේදී ලිංගික අප්‍රාණිකත්වය ඇතිවූ විට ඒ පිළිබඳව ඔහුගේ මනස කැළඹී බියට පත්වේ. ලජ්ජාවට පත්වේ. එම තත්ත්වය නැවතත් ඇතිවේදැයි ඔහු තුළ සැකයක් ඇතිවේ. ඉන්පසු ඔහු නැවත ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ එම සැකය සහ බියෙන් යුක්තවය. ඒ නිසාම ඔහුට නැවතත් ලිංගික කාර්යයේ නිසි ලෙස යෙදීමට නොහැකි වේ.
තම ලිංගික සහකාරිය සමඟ හටගත් ද්වේෂය හෝ ඇය කෙරෙහි පැවති ආදරය හීනවී යාමද ලිංගික අප්‍රාණිකත්වයට හේතුවිය හැක.
ලිංගික ක්‍රියාවලියේදී තම ලිංගික සහකාරිය දක්වන ප්‍රතිචාරයද ලිංගික අප්‍රාණිකත්වයට හේතුවිය හැකිය. ඇය ඒ සඳහා බියක් දක්වයි නම් හෝ සංසර්ගයේදී ඇයට වේදනාවක් හටගනී නම් පිරිමියාගේ ලිංගික අප්‍රාණිකත්වයට එය හේතුවිය හැකිය.
තම ඇඟලුම් කම්හලේ තරුණ සේවිකාවක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී ලිංගය හොඳින් ප්‍රාණවත් වුවත් තම මැදිවියේ භාර්යාව සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී ලිංගය ප්‍රාණවත් නොවන විධායක නිලධාරියෙක් වරක් මට හමුවිය. එම තත්ත්වය නිසා තම භාර්යාව ඔහු ගැන සැක සිතාවි යැයි ඔහු කැළඹීමට පත්විය. එම සිත් කැළඹීම ඔහුගේ නෂ්ඨකාමය වැඩිවීමට හේතුවිය.
මධුසමය අසාර්ථක වී පැමිණි යුවළක් වරක් මා වෙත දන්වා සිටියේ මනමාලයාගේ ලිංගය අප්‍රාණික වන නිසා එම ක්‍රියාවලිය නිසි ලෙස සිදුනොවූ බවයි. එහෙත් දෙදෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පෙනී ගියේ අනෙකකි. මනමාලිය වැජිනිස්මස් නම් වූ සංසර්ගික වේදනාවෙන් පෙලුණාය. මනමාලයාගේ ප්‍රාණවත් වූ ලිංගය ඇයගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමට තැත් කිරීමත් සමඟම ඇය බියෙන් සහ වේදනාවෙන් මිරිකෙමින් ඔහු ඉවත් කිරීමට තැත් කළාය. එවිට ඔහුගේ සිත බිඳී ලිංගය අප්‍රාණික විය. මෙහිදී ප්‍රතිකාරය අවශ්‍ය වූයේ කාන්තාවට මිස පිරිමියාට නොවේ.
මත්පැන් (බ්රැණ්ඩ්) පානයෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීම ලිංගික ප්‍රාණවත්කම ඇතිකර ගැනීම සඳහා කෙරෙන ගොඩ වෙදකමකි. මෙහිදී බොහෝවිට ඔහුගේ සිතේ කැළඹීම් ස්වභාවය පහවී ගියත් ලිංගික අප්‍රාණිකත්වය නැතිවී යාමක් සිදුවන්නේ නැත. එබැවින් ලිංගික අප්‍රාණිකත්වය නැතිකර ගැනීම සඳහා මත්පැන් ප්‍රතිකාරයක් ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නේ නැත.
-උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ-
